වෙනත් පුද්ගයකුගේ ගමන් බලපත්‍රයකින් ජර්මනිය බලා යෑමට උත්සාහ කළ ඉරාන ජාතිකයකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.
එම පුද්ගලයා යුක්‍රේනයේ කීව් නුවර බලා ගමන් ගන්නා ගුවන් යානයෙන් යුක්රේනයටත් එතැනින් ස්වීඩනයටත් යෑමට ජර්මන් ජාතිකයකුගේ ගමන් බලපත්‍රයක් අතැතිව ගුවන්තොටුපළ විගමන කවුලුවට පැමිණ ඇත.
එම ගමන් බලපත නිරීක්ෂණය කළ ආගමන විගමන නිලධාරී එස්.ආර්.එදිරිසිංහ මහතා ගමන් බලපත්‍රයෙහි සිටින පුද්ගලයා සහ තමා ඉදිරියෙහි සිටින පුද්ගලයා අතර අසමානකම් හඳුනාගත්තේය. ඉන් පසු ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කරන ලදුව ඔහු විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයට අනුව අදාළ පුද්ගලයා සතුව ඉරාන ගමන් බලපත්‍රයක් ද තිබූ බව අනාවරණය කර ගැනිණි.
අනතුරුව ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපළ විගමන පරිශ්‍රයෙහි ඇති 'ලේඛණ විමර්ශන අංශයේදී' මුහුණු සංසන්දනය කිරීමේ මෘදුකාංගය මගින් මගියාගේ මුහුණ ජර්මානු ගමන් බලපත්‍රයෙහි ඇති මුහුණ සමඟ නොසැසඳෙන බව තහවුරු කර ගන්නා ලදී.
දැනට ගුවන්තොටුපළ ආගමන විගමන වැරැදි සඳහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු අපරාධ රහස් පොලිසිය මඟින් සිදු කරන අතර අදාළ මගියා වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසිය වෙත බාර දෙන ලදී.

