මෙස්සිනා පලේමෝ නගරවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට ව්‍යාජ ගුවන් ටිකට්පත් 20 ක් දෙමින් යුරෝ 15000ක්(රුපියල් 2700000) වංචා කළ බව කියන ශ්‍රී ලාංකික ගුවන් ටිකටිපත් වංචාවක් පිළිබඳව මිලානෝ නුවරින් වාර්තා වේ.
රෙජියමිල්යා පළාතේ ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු හා මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් 22 දෙනකුට හසු වී තිබේ.ලබා දුන් ගුවන් ටිකට්පත් ව්‍යාජ බවට තහවුරු වුයේ ගුවන්තොටුපළට ගිය පසු බව මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් එසැණට කීහ.මේ වන විට යුරෝ දහස් ගණනක් වංචා කළ පුද්ගලයා සැඟව ඇතැයි ඔවුහු කියති.

