
(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කිරීමේදී ඩීසල් ලීටර් පනස් පහක්, පෙට්‍රල් ලීටර් පහක් හා ගෝඩා බැරල් එකක් එහි තිබී හමුවීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
වැඩි මිලට විකිණීම සඳහා ඉන්ධන සඟවා ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව වටද්දර ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකාර ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේ එහි සඟවා තිබියදී ඉන්ධන තොගය හා ගෝඩා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
මොහු ඉඩම් හිමි වැවිලිකාර ධනවත් ව්‍යාපාරිකයකු බවත් වැඩි මිලට විකිණීම සඳහා ඉන්ධන ගබඩා කර ගෙන සිටි බවත්, මත් පැන් මිල ඉහළ යාම නිසා මිතුරන් අතරේ අලෙවි කිරීම සඳහා කසිප්පු නිෂ්පාදනය කිරීමද කර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි


