හේෂා විතානගේට ඇප


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ (30) ඇඹිලිපිටිය අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරිණි.