හේන් ගොවිතැනට ගිය ගොවියෝ ගංවතුරට කොටුවෙති


(නිමල් ජයරත්න)

පොලොන්නරුව, වැලිකන්ද මාදුරුඔය කුඩාඔය ප්‍රදේශයේ මීට දින කිහිපකට පෙර හේන් ගොවිතැනට ගිය පිරිසක් ගංවතුරට හසුව මුදා ගැනීමේ මෙහෙයුමක් අද (5) ආරම්භ කරනු ලැබීය.

රිදී පොකුණ සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් දිනේෂ් කුමාර මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද ආපදා කළමනාකරණ සහ සිවිල් ආරක්ෂක බළකාය හා යුද හමුදාව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව තිබේ.

ගංවතුරට කොටු වී සිටි ගොවීන් 11 දෙනාම මේ වන විට බේරාගෙන ඇති බව රිදීආර සිවිල් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරීවරයා පැවසීය

මෙම ගොවින් 11 දෙනා පොළොන්නරුව වැලිකන්ද සහ වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.