හෙළයේ මහා ගාන්ධර්වයාගෙන් සජීවී ගී ප‍්‍රසංගයක්


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 85 වැනි උපන් දිනය දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදී තිබේ. උපන් දිනය නිමිත්තෙන් ”ස්ටාර් ඉවෙන්ට්ස්” සංවිධානය කරන ”අමරදේව-ඊයේ, අද සහ හෙට සජීවී ගී ප‍්‍රසංගය”  (Pandit Amaradeva Live in Concert-Yesterday, Today, Tomorrow) හා උපන්දින සැමරුම එදින පස්වරු 6.30 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වේ. දිගු කලකට පසු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගී ගයන මෙම සජීවී ගී ප‍්‍රසංගයේ සංගීත අධ්‍යක්‍ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ජැක්සන් ඇත්නනි කථනයෙන්ද චන්න විජේවර්ධන නර්තන අධ්‍යක්‍ෂණයෙන්ද දායකවන මෙම ගී ප‍්‍රසංගයට ප‍්‍රවීණ ශිල්පීන් රැසක් ගායනයෙන් එක් වෙති. හෙළයේ මහා ගාන්ධර්වයාට ”රසවින්දන” උපන්දින සුබ පැතුම් මෙසේ එක් කරන්නෙමු.