හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට


(රවීන්ද්‍ර විරාජ් අබේසිරි)

අඹුසැමි යුවලක් සන්තකයේ තිබී හෙරෝයින් 600ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

මාතලේ කළුදෑවල වටරවුම් පාරේ අඹුසැමි යුවලක් හෙරෝයින් මුදලට අලවිකරන බවට මාතලේ පොලිස් දුෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවගේ පපු පෙදෙසේ හා ස්වාමිපුරුෂයාගේ යට ඇදුම් තුළ ඉතා සුක්ෂම අන්දමින් සඟවා තිබු මත්කුඩු සොයාගැනීමට හැකි වු බව පොලිසිය කියයි.

සැකපිට අත්අඩංගුවට ගත් අඹසැමි යුවල  හා  හෙරොයින් මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.