හෙරොයින් සමග තරුණයෙක් කොටුවෙයි


 

(අමල් වික්‍රමරත්න )

අධිවේගී මාර්ගයේ කඩවත - ගාල්ල බස් රථවල ගමන්කරමින් ඉමදුවට හෙරොයින් ගෙනැවිත් අලෙවි කළ 26 හැවිරිදි තරුණයකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග   අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි.

කොළඹ සේදවත්ත ප්‍රදේශයේ මෙසේ ගෙන එන හොරොයින් අක්මීමන ,හබරාදුව,අහංගම ,ඉමදුව ආදී ප්‍රදේශ වල ගැනුම්කරුවන් සදහා විකුණා ඇතැයි පොලිසිය කියයි.

මෙම තරුණයා කෝදාගොඩ ඉමදුව පදිංචි විවාහකයකු වන අතර ඊට ඉහත දී වත්තල ප්‍රදේශයේ දී හෙරොයින් අලෙවි කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අධිකරණයේ පවරා ඇති නඩුවකින් ඇප ලබා සිටින අයෙකු වන බවද පොලිසිය පවසයි.