හෙම්බත් වු ජර්මන් කත සොයා ගනී


නකල්ස් රක්ෂිතයේ  අතරමංව සිටි  ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි.

සිකුරාදා (24) ඇය බසයකින්  ලූල්වත්තේ මාර්ගයේ මීමුරේ තෙක් ගමන් කැර ඇතැයි ද දෝතුළුගල කන්දට යද්දී ඈ මගහැරී ගිය බවද  කියති.ඇය සෙවීමට හෙලිකොප්ටරයක් ද යුද හමුදා පා බල සේනාංකයක් ද යැවු බව පොලීසිය සඳහන් කරයි.  

වැස්සට තෙමී නිරාහාරව සිටි අය කූඩැල්ලන්ගේ ප්‍රහාරයට ද ලක්ව සිටියාය.

 

1 2 4 5.jpgff