හෙදියෝ වැඩි පඩි ඉල්ලති


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දින රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සමගාමීව සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.

කොළඹ ජාතික රෝහල අසල සිට හෙද හෙදියන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පා ගමනක ද නිරත වූහ.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති හෙදියන් 9000කට පමණ ශ්‍රේණිගත උසස්වීම් ලබා ගැනීම, වැටුප් විෂමතා නිවැරදි කර ගැනීම, දීමනා විෂමතා නිවැරදි කර ගැනීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙයි.