හූනයි තාරකා ඉබ්බයි බේරේ


 අද (11)රාත්‍රී ගුවන් මඟින්  පිටරට යැවීමට සුදානම් කැර තිබු  තාරකා ඉබ්බන් දාහත් දෙනකුද  , හුනන් හතර දෙනකුද  , කැස්බෑ බිත්තර අටක් හා බිත්තර රකින යන්ත්‍රයක්ද සමග සැකරුවන් දෙදනකු සැකපිට තොගයක්  ජා ඇල නිවාසිපුර නිවසකින්  අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ  අඩවි  සහකාර සමන්  ලියනගම මහතා පැවසීය.

 ප්‍රධාන සැකකරු සොයන බවත් වැටලීම් කළ ස්ථානයේ තිබී ගමන් බලපත්‍ර විසි පහක් සොයාගත් බවත් ලියනගම මහතා කියයි.

ශ්‍රී ලංකාවෙන් රුපියල් සියයට දෙසීයට මිළට ගන්නා තාරකා ඉබ්බන්  පිටරටදී අඩුතරමේ රුපියල් ලක්ෂයකටවත් විකුණති තොරතුරු ලැබී ඇත.