හුසේන් මොහොමඩ් සෞදියට:වඩිවේල් කෙන්යාවට


සෞදි අරාබියේ  නව තානාපති ලෙස කොළඹ හිටපු පුරපතිවරයකු වන  මොහොමඩ් හුසේන්  මොහොමඩ්  මහතා නම් කැර  ඇති බව  සෞදි අරාබියේ  පළවන ඇරැඹි නිවුස් වෙබ් අඩවිය කියයි.

මේ අනුව දැනට සෞදි අරාබියේ  ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා  කෙන්යාවේ  නව තානාපති  ලෙස පත් කිරීමට නියමිතය.

ක්‍රිෂ්ණ මුර්ති මහතා  කියා සිටියේ  ඒ පිළිබඳව  දැනුම් දීමක් තමා වෙත ලැබී ඇති බවයි.

 ඉදිරි කාලය තුල කෙන්යාවේ  ශ්‍රී ලංකා තානාපති  ලෙස පිටත් වීම සිදු විය හැකි බවත් ඔහු කිවේය.

සෞදියේ හිටපු තානාපති වඩිවේල් ක්‍රිෂ්ණ මුර්ති මහතා

වත්මන් තානාපති මොහොමඩ් හුසේන්  මොහොමඩ්  මහතා