ගාල්ල හීනටියන ශාරිපුත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේදී අද (25) පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසක් වෙත ලබා දුන් පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 10කින් එකතු කළ නිසා තම දරුවන් දැඩි අසීරුතාවකට පත් වූ බව මව්පියෝ පිරිසක් පැවසූහ.
නියමිත වේලාවට ප්‍රශ්නපත්‍රය බෙදීමෙන් පසු සිසුන් පළිතුරු ලිවීම ආරම්භ කර ඇත. විභාගය ආරම්භ වී විනාඩි දහයකට පමණ පසු දෝෂයක්යැයි පවසමින් ප්‍රශ්න පත්‍ර නැවත එකතු කළ බවත්, ඒ වන විට ඇතැම් සිසුන් ප්‍රශ්න 15කට 20කට පිළිතුරු ලියා අවසන්ව තිබුණු බවත්, නැවත මිනිත්තු කිහිපයක් අතුළත ප්‍රශ්න පත්‍ර බෙදූ නමුත් තම දරුවන් කළින් උත්තර ලියූ ප්‍රශ්නපත්‍ර ඒ ආකාරයෙන් දරුවනට ලැබී නැති බවත් දෙමාපියෝ කියති.
සිසුන් පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍ර මාරු වී ලැබුණු නිසා ඒවා කප කපා නැවත ලිවීමට සිදුවීමෙන් සිසුනට කාලය මදිවී ඇතැයි ද ඔවුහු පවසති.
ලංකා ගුරු සංගමය පැවසුවේ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන මේ දරුවන්ගේ අරමුණ වී ඇත්තේ විභාගය සමත්ව ශිෂ්‍යාධාර ලබා ගැනීම හා ජනප්‍රිය පාසලකට යෑම බවයි. මේ හේතුවෙන් එම සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි බවත් සංගමය කියයි.
වැල්ලේතොට, මීපේ හා හීනටිගල පාසල්හි දරුවෝ එහි දී උත්තර ලියූහ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ප්‍රශ්න පත්‍ර සිසුන් අතට ලබාදීමෙන් පසු නැවත වැරදීමකින් එකතු කර නැති බවයි. තමා ඒ ගැන විභාග ශාලාධිපතිගෙන් විමසූ විට සිසු පේලි මාරු වී බෙදී බෙදීමට සැරසුණු පරීක්ෂකයකුට නිසි ලෙස බෙදන ලෙස උපදෙස් දී ඇති බවයි. එම සිදුවීම හැරෙන්නට කිසිදු ගැටළුවක් ඇති වී නැති බවත් දැන්වූ බව ද පුෂ්පකුමාර මහතා කීවේය.

