හිරු සඳු තරු එකට පායලා


( කුමාරි  වාරියපොළ සිට ) - 2013 දෙසැම්බර් 06 දින අවසන් වාර නිවාඩුවේ අපුරු වැඩක් කළ එකම පවුලේ දියණියෝ තිදෙනෙක් වාරියපොළ සිටිති.
 පී.ටී සඳුනි තාරුකා ජයවර්ධන,  පී.ටී නිපුනි භාග්‍යා ජයවර්ධන ,පී.ටී හිරුනි මධුභාෂිනි ජයවර්ධන ඒ අය වුහ.
පාසල් නිවාඩු කාලයේදී  ඔවුහු සඟරාව නිර්මාණය කළහ.
කවි,චිත්‍ර,කතන්දර,දහම් කරුණු ආදී විවිධ නිර්මාණ එකතු කළ මෙම නිර්මාණය පිටු අසු හයකින් යුක්තය.
එය ඔවුන්ගේ කුලුදුල් නිර්මාණයයි.
දියනියන්ගේ පියා  විදේශ රැකියාවක නිරතව සිටින අතර මව දියණියන් සමග ජිවත් වෙයි. මවගේ හා පියාගේ අදහසක් අනුව මෙම සඟරාව  නිර්මාණය විය.
ප්‍රදේශ වාසීන්ගේ සහයද මේ සඳහා ලැබී ඇත.