හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ
වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මැරුම් කෑ හය දෙනෙකුම ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ අය බව පොලීසිය කියයි.
දෙහිවල කලුබෝවිල පදිංචි තිදෙනෙකුගේ අවසන් කටයුතු කලුබෝවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
දෙදෙනෙකුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී බදාදා සිදු කිරීමට නියමිතය.
රත්මලානේ පදිංචිව සිටි සිරකරුවකුගේ සිරුර අද වන තුරු ඥාතීන් විසින් බාර නොගැනුනු බව කොළඹ රෝහල කියයි.

