හිර කලිසමේ ප්‍රශ්නෙන් විදුහල්පතිට තර්ජන


ඇඟට හිරවූ කලිසමකින් සැරසී ආ සිසුවකුගේ කලිසම කැපූ ශිෂ්‍ය නායකයකු ඔහු ගෙදර යැවීයැයි උරණවූ ඔහුගේ සහෝදරයකු වන ආදි ශිෂ්‍යයකු විදුහල්පතිට තර්ජනය කළැයි කොට්ටාව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විසිනි.