යුද්ධයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ කාන්තාවන් වැඩි වශයෙන් කිලිනොච්චියේ ජීවත්වන හෙයින් කාන්තා ගෘහ මූලික පවුල් නඟා සිටුවීම සඳහාවන ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙයි.
උතුරු ප්‍රදේශයේ සිටින කාන්තා ගෘහ මූලික පවුල් 50,000 කගේ ඉදිරි ආදායම් හා ජීවන මාර්ග ඉලක්ක කර ගනිමින් අගමැති මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට තීරණය කර තිබේ.

