මුහුදු යන ධීවරයින්ට මින් ඉදිරියට දැඩි නීති හා රෙගුලාසි පැනැවීමට ශී‍්‍රලංකා රජය අපේක්ෂා කරයි.
මෙම නීති පැනැවීමට මං පෑදී ඇත්තේ පසුගියදා ඇතිවූ කුණාටුවට හසුවී ජීවිත අහිමි වූ ධීවරයින් පිරිස නිසාය.ධීවරයෝ 50 කට ආසන්න පිරිසක් කුණාටුවට හසුවීම නිසා දිවියෙන් සමුගත්හ.
ඔවුන් ජීවිතාරක්ෂක කබා පැළැද සිටියේ නම් දිවි බේරා ගැනීමට හැකිව තිබූ බව ආපදා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඉදිරියේදී ජීවිතාරක්ෂක කබා මෙන්ම ප‍්‍රමිතියෙන් උසස් පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර තිබීමද මුහුදු යෑමේදී අනිවාර්යය කරන බව ඇමතිවරයා කියයි.
නිසි පරිදි ධීවරයින් දැනුම්වත් නොකළේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවටද චෝදනා එල්ල විය.ඒ චෝදනා බැහැර කරන කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක රන්ජිත් ජයසේකර පවසන්නේ තම දෙපාර්තමෙන්තුව කල්වේලා ඇතිව අනතුරු ඇගවීම නිකුත් කළත් මාධ්‍යය ඔස්සේ එය නිසි පරිදි ප‍්‍රචාරය වී නොමැති බවයි.

