හිටපු ලොතරැයි සභාපතිටත් නඩු අනු අට ලක්‍ෂණයක් අලාභ කරලා
ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය බදු උපදේශක සමාගමක් පත් කිරීමෙන් රුපියල් 9826175 ක ආලාභයක් සිදු කළැයි අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේදී එහි හිටපු සභාපති අහමඞ් ඉමිතියාස් ස්මයිල්ට එරෙහිව නඩු පැවැරීය. ගජ්මා නම් සමාගමක් ඒ සඳහා පත් කිරීමෙන් එම පාඩුව සිදු කළැයි අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ඔහුට නඩු පැවැරීය.

