බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් විශ්‍රාම වැටුප ලබා ගන්නා අතර තුර වෙන් අංකයක් යටතේ වංචනිකව පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ද විශ්‍රාම වැටුප් ලබා ගත්තැයි සැකපිට දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් අමරදාස පෙරේරා සැප්තැම්බර 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරු දකුණු පළාත් සභාව ආරම්භයේ සිට 1992 නොවැම්බර 26 වැනි දා තෙක් එහි ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ බව පොලිසිය කියයි.

