හිටපු ජනපති ලේකම් 13 කැඳවයි


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන 13 වැනි දා කැඳවීමට යයි.

උතුරු නැගෙනහිර නිවාස අහිමිවූවනට නිවාස ඉදිකිරීම සඳහා රුපියල් දහසය කෝටි විසි ලක්ෂයක් වැය කර ඇතත් එකම නිවසක්වත් සාදා නැතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

රාඩා නම් ආයතනයකට මෙම මුදල් බැර කර ඇති බවත්, එම මුදල් ඇඟළුම් ආයතන දෙකක ගිනුම්වලට බැර කර ඇති බවත් පොලිසිය  පවසයි.

දැනට මේ සම්බන්ධයෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් භාරයේ සිටිති.

එම ආයතනයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් ද  යළි ප්‍රශ්න කිරීමට යයි.

එමිල් කාන්තන් නම් පුද්ගලයකුගේ නමක් ද මේ සම්බන්ධයෙන් කියැවෙයි. එම මුදල්වලින් කොටසක් හෝ වැඩි ප්‍රමාණයක් කොටි සංවිධානයට දී ඇත්ද යන්න ගැනත් පොලිසිය පරීක්ෂණ පවත්වයි.