(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පීරිස් ලබන 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(11) නියෝග කළාය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත ප්‍රකාරව සහ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව චෝදනා ගොනු කර ඇති බැවින් ඇප ප්‍රතික්ෂේප කෙරිණි.

