(නිමන්ති රණසිංහ)
හිටපු ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එක් අයකුට රුපියල් හැත්තෑ පන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (21) නියෝග කළේය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිළධාරී තනතුරකට සිය පෞද්ගලික ලේකම්වරයා පත්කිරීමට එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවා අල්ලස් පනතේ ‘දුෂණය’ නම් වරද සිදුකළැයි ඔහුට එරෙහි චෝදනාව වේ.
නොතිසියට අනුව අධිකරණයේ පෙනී සිටි චූදිතයින් දෙදෙනාට ඇප නියම කළ අධිකරණය අදාළ සිද්ධියේ චෝදනා කියවා දීම ලබන සැප්තැම්බර් 25 වැනි දා තෙක් කල් තැබීය.

