හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ වෙඩි තැබීමේ ජාතික සංචිතයට


පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරින් වෙඩි තැබීමේ ක‍්‍රීඩාවෙන් දස්කම් පෑ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්ව සිටිති. කොටි සංවිධානයේ සන්නද්ධ අංශවල සාමාජිකයන්ව සිට හමුදාවට බාර වු පිරිස රජයේ පුනරුත්තාපන වැඩසටහනට ඇතුළත්ව සිටිති. ඔවුන් අතරින් ක‍්‍රීඩා සඳහා දස්කම් දක්වන 135 දෙනෙක් ජාතික ක‍්‍රීඩා සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇත. එහිදී කනකසන්තුරම් රජීවන්, තයාබරන් තවෙන්තිරන් සහ සෙල්ලමුත්තු  සුරේෂ්කුමාර් යන ක‍්‍රීඩකයන් තිදෙනා ඉලක්කයට වෙඩි තැබීමේ තේරීම් පරීක්‍ෂණයෙන් සමත්ව වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්වුහ. 2013 වසරේ පැවැත්වෙන නවදිල්ලියේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ පරිසාධන මට්ටමට ළගා වී සිටින මෙම ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් වැලිසර නාවික හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවීම්වල නිරතවෙති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් එම ක‍්‍රීඩකයන් තිදෙනාට පුහුණුවීම් සඳහා අවශ්‍ය වායු පිස්තෝල පිරිනමන ලද අයුරු