හිටපු අගමැති පුතත් බාරවෙයි


පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ ඡන්ද වේදිකාවකට පහර දුන්නැයි පොලිසියට අවශ්‍යව සිටි හිටපු අගමැති දිමු ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න ඇතුළු සිව් දෙනෙක් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත මින් මද වේලාවකට පෙර බාර වූහ. උඩ පළාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ද ගම්පොළ නගර සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රභූ ආරක්ෂකයෙක්ද බාරවූ සෙසු තිදෙනා වෙති.

මොවුන් පොලිසියට නොපැමිණීම නිසා රටින් පිටවීමද අධිකරණයෙන් තහනම් කර තිබේ.