(නිමල කොඩිතුවක්කු)
හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දි.මු ජයරත්න මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොළ දොළුව හලියද්ද ක්‍රීඩාංගනයේදී සෙනසුරාදා (23) හවස 3.00 ට සිදුකෙරේ.
දි.මු ජයරත්න මහතාගේ දේහය සිකුරාදා (22) පස්වරු 12.00 සිට පස්වරු 2.00 දක්වා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතය.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී ඊයේ (19) අභාවප්‍රප්ත වූ අතර ඔහුගේ දේහය ගම්පොළ දොළුව පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එනු ලැබීය.
දි.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් පැමිණියහ.

