යාචකයකුට අයිති රුපියල් දහසයදාස් පන්සිය දාහතක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) රාජසන්තක කළේය.
කොළඹ කොටුවේ සිඟමනේ යෙදීමේ වරදට පසුගිය ජනවාරියේදී අධිකරණයට ඉදිරිපත් කළ එම යාචකයා ළග තිබු රුපියල් දහසයදාස් නවසිය දාහත උසාවි බාරයට ගෙන තිබිණි.
නඩුවෙන් වැරදිකරු වු ඔහුට රුපියල් දහයක දඩයක්ද ගැසිණි. එහෙත් හය මාසයක් පසුවී වුවද තැන්පත් මුදල ගැනීමට යාචකයා නොපැමිණිම නිසා එම මුදල රාජසන්තක විය.