හිඟන්නා බක්කිඇල්ලේ පොඩි සාදු පැහැරගනී


අම්පාර බක්කිඇල්ල, නුගේලන්ද පන්සලක සිටි 6 හැවිරිදි සාමනේර හිමිනමක් පැහැරගෙන සිඟමනට යෙදවූ බව කියන යාචකයකු දඹුල්ල සති පොළේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාදුක්කේ වල්පිටමුල උපන් මෙම දරුවා වයස අවුරුදු 5 දී බක්කිඇල්ල පන්සලට යැවූ බවත් වසර එක හමාරකට පමණ පෙර මහණ කර ඇති බවත් ඔහුගේ මව මාලනී ජයරත්න මහත්මිය (38) පවසයි.

ආබාධිතයකු වන යාචකයා එම පන්සලේ නවාතැන්ගෙන දරුවා පැහැරගන්නට ඇතැයි ද දරුවා සොයා ගන්නා විට කොට කලිසමක් හා කමිසයක් ඇඳ සිටි බවද යාචකයාට තාත්තා යැයි ඇමතූ බවද පොලිසිය කියයි.

යාචකයා සහ දරුවා බක්කිඇල්ල පොලිසියට බාරදීමට යයි.

DSC08897