හිඟ පෙළ පොත් ජනවාරියේදී දෙයි


(රන්ජන් කස්තුරි)
 
ලබන පාසල් වාරය ආරම්භ කරන පළමු දිනයේදීම සිසුන්ට හිඟ පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
 
මේ වසරේ අවසන් පාසල් නිවාඩුව ලබාදෙන අවස්ථාවේ සිසුන්ට පෙළපොත් ලබාදී තිබූ නමුත් ඇතැම් පාසල් සිසුන්ට පොත් කිහිපයක් අඩුවෙන් ලැබී තිබිණි.
 
ඒ අනුව, එම හිඟ පෙළපොත් ලබන පාසල් වාරය ආරම්භ කරන ජනවාරි 2 වැනි දින ලබාදෙන බවද, ඒ සඳහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.
 
පෙළපොත් පිළිබඳ කිසියම් දැනුම්දීමක් තිබේ නම් දුරකතන අංක 0112784815 ඔස්සේ ඒ බව දැනුම්දෙන ලෙසද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.