හලෝ අංකය දැන්වීමට දාන්නේ බලාගෙනයි


පුවත්පත් දැන්වීම්වල දැක්වෙන දුරකථන අංකවලට කතාකර කප්පම් ඉල්ලීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් යම් භාණ්ඩයක් අළෙවි කිරීමට දැන්වීම් පළකරන්නේ නම් තමන්ගේ ස්ථාවර දුරකථන අංකය දැන්වීමට යෙදීමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ රථවාහන, නිවාස හා ඉඩම් අළෙවි කරන පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාගන්නා සංවිධානාත්මක කල්ලි කප්පම් ගැනීමේ නිරතවන බවට කරැණු අනාවරණය වී ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනු වලදී ද ජනතාව වඩාත් ප්‍රවේසම් වියයුතු බව ද පොලීසිය පවසයි.