හලාවත සමෘද්ධි නිලධරයාට ඇප


හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහසක සහතික ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය.

විදුහල්පති එච් එස් එම් ස්මයිල් මහතා සමෘද්ධි නිලධරයාගේ පුතාට දඩුවමක් වශයෙන් පාසල් බිමේ ගසකින් වැටී තිබූ කොළ අහුලන්නැයි දුන් දඩුවෙම් පසු ඔහුට පහර දී ඇත.