(ලලිත් නවරත්න)
හලාවත මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණය භාරයේ තිබූ මුදල්, ස්වර්ණාභරණ සහ ඩොලර් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එහි නිලධාරියෙකු දෙසැම්බර් 16 දින දක්වා රඳවා තබාගෙන අදාළ පරීක්ෂණ පවත්වන ලෙස හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් නුවන් ජයවීර මහතා අද(09) පොලීසියට නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අධිකරණයේ කාර්යාල කාර්ය සේවකයෙකු ලෙස සේවයේ නියුතු රන්දුනු පතිරැන්නැහැලාගේ රන්දුනු පතිරණ නැමති පුද්ගලයෙකි.
හලාවත දිසා අධිකරණයේ විභාගයවන නඩුවකට අදාළ සුරක්ෂිතව තිබූ මුදල් සහ ඩොලර් 5000ක් රුපියල් 5000යේ නෝට්ටු 40ක් ස්වර්ණාභරණ තොගයක් අතුරුදහන් වී ඇති බවට අධිකරණයේ සේවයේ නියුතු කළමණාකරන සහකාර නිලධාරිනියක හලාවත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නඩු භාණ්ඩ තොගය සේප්පුවක සුරක්ෂිතව තබා ඇති අතර අවශ්‍යතාවයක් සඳහා සේප්පුව පරීක්ෂා කිරීමේදී ඒවා නොතිබූ බවත්, සේප්පුවේ යතුර තමාසන්තකව තිබියදී මෙම භාණ්ඩ තොගය අතුරුදහක් වීම පුදුම සහගත බවත් කළමණාකාරවරිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
හලාවත පොලීසිය පරීක්ෂණ පවත්වයි.

