හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් මගින් ඉඩම් වගා කැර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර නගර වැසියකුගෙන් රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කළැයි කියන දෙදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රවන්දිකා මාරපන මහත්මිය විසින් 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
බොරලැස්ගමුව පැපිලියානේ සංජය බණ්බාර අබේරත්න සහ කොළඹ නාරාහේන්පිට නාවල පාරේ ඉන්දික හේවාවසම් එම දෙදෙනාය.
හරිත වසන්තයක් නැමැති ව්‍යාපෘතියක් මගින් ඉඩමක් වගා කර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර ගුවන්තොටුපළ පාර සාම මාවත ලිපිනයෙහි ඒ කේ ගුනපාල ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් සැකකරුවන් වංචනික ලෙස ලබාගෙන ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මිට පෙර පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
පැමිණිල්ල විභාග කිරීමට පොලීසියට පැමිණෙන ලෙස කිහිපවරක් සැකකරුවන්ට දැනුම් දුන්නද ඔවුන් එය මගහරිමින් සිටි බවද අධිකරණයේදී කියැවිණි.