හයදෙනකුට මුහුද අකාරුණික වෙයි
ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සටි ප්‍රංශ ජාතිකයකු ඇතුළු සිව්දෙනකු ද කලවානේ සිට පැමිණ අම්බලන්ගොඩ අකුරල මුහුදේ දිය නාමින් සිටි තරුණයකුද අතුරුදන්ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
ගල්කිස්ස කිමිදීමට බෝට්ටුවකින් ගිය පිරිස නියමිත වේලාවට දිය මතුපිටට නොපැමිණීම නිසා බෝට්ටුකරු පොලීසියට පැමිණිලි කැර ඇත. නල්ලූරුවේදී මුහුදට ගසාගෙන ගිය හිමිනම සොයා ගැනීමට ද අද උදේ වනතුරු නොහැකිවී ඇත.

