පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී සිදු වු ගැටුමෙන් තිදෙනකු මිය ගොස් හතලිස් තුන්දෙනකු තුවාල ලැබී යැයි කොළඹ අපරාධ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරි ජී ආර් එල් රණවීර මහතා ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරයේ සාක්කි දෙමින් කියා සිටියේය.
සාමාන්‍ය වැසියන් සිය දෙනකුගේද යුද හමුදා භටයන් සිය දෙනකුගේද සාක්කි සටහන් කැර ගත් බවත් හමුදාවට අයකතු අනු තුන්දෙනකුගේ අවි 93 ක් රස පරික්ෂක වෙත යොමු කළ බවත් ඔහු කිවේය.
විද්‍යුත් මාධ්‍ය වීඩියෝ ඡායාරූප මගින් සැකකරුවන් හදුනාගැනීමට උත්සාහ ගන්නා බවත් ඔහු කීවේය.