හමුදා සංදර්ශනය බලන්න මහා සෙනඟ


මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයයේදී යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් අද පැවැත්විණි.  මෙවැනි සංදර්ශනයක් උතුරු පළාතේ පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.  මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කෙරිණි.

යුධ හමුදා සෙබළ සෙබළියන් ඉදිරිපත් කරන සරඹ සංදර්ශන,තූර්ය වාද සංදර්ශන, සුනඛ සංදර්ශන,කෙටි කාලයකින්  වාහනයක් එකලස් කිරීම, පාලමක් ඉදිකිරීම, ප‍්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම, යතුරු පැදි ,ශාරිරික අභ්‍යස  පැරෂුටි සංදර්ශනයක් ද පැවැත් වූ අතර රාති‍්‍ර සංගීත සංදර්ශන පැවැත්වීමට නියමිතය.

මෙය  නැරඹීමට මුලතිවි ආරක්ෂක සේනා මූලස්ථාන උසස් යුධ හමුදා නිළධාරීන්,මුලතිවි ප‍්‍රදේශයේ පාසල් දරුවන් මුලතිවි වැසියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

141 142 143 144 145 146 148 149 150 151 152 153 154