හම්බන්තොට මහ නගර සභාවට ලැබිය යුතු ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල නොලැබී ඇති හෙයින් එය යළි සුළු නගර සභාවක් ලෙස පත් කළ යුතු යැයි නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අද (7) මාසික රැස්වීමේ දී පැවසීය.
හම්බන්තොට මහ නගර සභාවක් බවට පත් කැරුණේ 2011 අප්‍රේල් පළමු වැනි දා ය.
පොරොන්දු වූ රුපියල් අසූ ලක්ෂයක ප්‍රතිපාදන පළාත් පාලන කොමසාරිස්ට නොලැබුණු බව ද ඔහු කියයි.

