හම්බන්තොට ගිවිසුමට සෙනසුරාදා අත්සන් කෙරේ


(මහින්ද නිශ්ශංක)

හම්බන්තොට වරාය චීන මර්චන්ට සමාගට අවුරුදු 99කට බදු දීමේ ගිවිසුම ලබන 29 වැනිදා අත්සන් කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් යෝජනාවට අද (25) කැබිනට් අනුමැතිය හිමිවූ බව ද සමරසිංහ මහතා පවසයි.

අද(25) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ මෙම ගිවිසුම හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ලබන 28 වැනි දා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.

වරායේ පරිපාලන හා වාණිජ කටයුතු සිදු කෙරීමට සමාගම් දෙකක් පිහිටුවනු ඇතැයි මීට පෙර වාර්තා විය.
 
පරිපාලන මෙහෙයුම් සඳහා වූ සමාගෙම් බහුතර කොටස් ශ්‍රී ලංකා පාර්ශවයට පැවරී ඇතැයි ද ඒ මහතා පවසයි.
කෙසේ නමුත් වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා වූ සමාගමේ බහුතර කොටස් චීන සමාගමට හිමිවනු ඇත.