හපුතලේ අකුණ හතර දෙනකුට වදී?
හපුතලේ දඹේතැන්න ලිප්ටන්සිට් නැරඹුන් මධ්‍යස්ථානයට අද සවස 3.45ට පමණ වැදුණු අකුණෙන් එහි සිටි විදේශිකයන් හතර දෙනකු බරපතල තුවාල ලබන්නට හෝ මිය ගන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි. හපුතලේ සිට කිලෝමීටර් 14ක් දුරින් වන්නට පිහිටි ස්ථානයට මේ මොහෝතේ පොලිසිය ළඟා වෙමින් සිටියි. වැස්සත් සමග තදින් අකුණු ගැසූ බව අසල් වැසියෝ කියති.

