සංවිධානාත්මක කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් සැකපිට හන්තාන වතුයායේ බටහිර කොටසේ සහකාර වතු අධිකාරී වියමුණි දේවගේ තිවංක සමීර ජයසිංහ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.
ඔහු සමග අත්අඩංගුවට ගත් වලස්මුල්ලේ මදුරසිංහගේ නිශාන්ත රඳවා තැබීමේ නියෝග යටතේ ලබන 24 වැනිදා තෙක් රඳවා තබා ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලැබිණි.