හදිසි ආපදා අවස්ථාවකදී ඒ බව දැනුම්දීම සඳහා විශේෂ දුරකතන ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
0112 587229 සහ 0112 2454576 යන අංක ඔස්සේ මහජනතාවට හදිසි ආපදා තත්ව සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව එම ඒකකය පවසයි.
ආපදා සහන නිලධාරීන් සහ ඒ සඳහා විශේෂ පුහුණුව ලද ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායම් 50 බැගින් ගාල්ල, මාතර සහ කළුතර යන පොලිස් වසම්වලට අනුයුක්ත කර ඇති බවද එම ඒකකය කියා සිටී.
ඊට අමතරව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බෝට්ටු 50ක් පමණ ආපදාවන්ට ලක්වූ පෙදෙස් වෙත යවා ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
(16844)

