හග්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 40ක් වැනසේ


නුවරඑළිය හග්ගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 40ක් පමණ විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

සෙනසුරාදා රාත්‍රී 7ට පමණ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ හා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවද පොලිසිය ප්‍රකාශ කර සිටී.