සෞදි අරාබියේ අබා නගරයට සමීපව පිහිටි සමසාන් හි පසුගිය බ්‍රහස්පතින්දා (15) උදෑසන ශ්‍රී ලාංකිකයකු අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ මඩකළපුව නිවත්කඩු ප්‍රදේශයේ සිට මීට මාස අටකට පමණ පෙර සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ ජෙනිටර්වරයකු ලෙස රැකියාවට ගිය දෙදෙරු පියකු වන ඥාන සෙල්වම් සිවරූබන් නැමැත්තෙකි.
ඔහුගේ සමීප ඥාති සොහොයුරකු පවසන අන්දමට සමසාන්හි පිරිසිදු කිරීමේ ආයතනයක රැකියාව කළ සිව රූබන් බ්‍රහස්පතින්දා උදෑසන ඔහු නැවතී සිටි ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට මීටර් පහක පමණ දුරකින් ආයතනයේ නිල ඇඳුමද සමඟින් මුනින් අතට වැටී සිටි ඇති අතර කිහිපවරක් තමන් කතා කිරිමට උත්සාහ ගත්තද ප්‍රතිචාර නොදැක්වීමේ හේතු මත සෝදිසි කිරීමේ දී ඔහු මියගොස් ඇති බව දැනගත් බවයි.
ඔහු වැටී සිටී ස්ථානයේ තිබු කොසු මිටට සමාන ලී කැබැල්ලක් තුනට කැඩී තිබීම හේතුවෙන් කවුරුන් හෝ පහර දුන්නාද යන්න පිළිබඳව දද මිය ගොස් සිටින ආකාරයෙන් සැක සහිත බවද ඥාති සහෝදරයා කියයි.
මේ පිළිබඳව අබාහි සමාජසේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතාට දැන්වීමෙන් පසු ජෙඩා කොන්සියුලර් කාර්යාලයට දන්වා ඇත.