ගෘහ සේවක සේවිකාවන් මෙන්ම ගෘහ රියැදුරන් ලෙස සෞදි අරාබියට පැමිණෙන සියලු විදේශිකයින් වෙනුවෙන් නව වරප්‍රසාද කිහිපයක් ලබා දීමට සෞදි අරාබි ඇමැති මණ්ඩලය තිරණය කැර ඇතැයි සෞදි පුවත්පත් කියයි.
සෞදි අමාත්‍ය මණ්ඩලය විසින් පැනැවුණු නව නීතී මගින් ගෘහ සේවක සේවිකාවන් මෙන්ම ගෘහ රියැදුරන් දිනපතා පැය නවයක් විවේක ගැන්විය යුතුය.
සෑම සතියකටම දිනක නිවාඩුවක් සමග අසනීප නිවාඩුද ලබා දිය යුතුය. ඒ සමගම සෑම වසර දෙකකටම මසක වැටුප් සහිත මව් රටට යෑමේ නිවාඩුද ලබා දිය යුතුය.
මෙම නීතී ක්‍රියාත්මක නොකරන හාම්පුතුන් සෞදි රියාල් 10000 (රුපියල් 350000) දඩයකට යටත් කරන අතර ඔවුන්ට ගෘහ සේවකයින් ලබා ගැනීමද තහනම් කැරේ.
මේ වන විටත් විසි ලක්ෂයකට අධික ගෘහ සේවක සේවිකාවෝ පිරිසක් සෞදි නිවාස වල රැකියා කරති.
හිතුමතේට හාම්පුතුන් මාරු කිරීමේ අවශ්‍යතාවක් මේ නීතියත් සමග මතු නොවන බව ද එම පුවත්පත් කියයි.