සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් හය වැනි සිකුරාදා පැවැත්වීමට තිරණය කැර ඇතැයි රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
සෙනසුරාදා දිනයන්හි තානාපති ජංගම සේවා පැවැත්වීමට කලින් තිරණය කළද බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් මත ඇතිවන අපහසුතාව මඟහැරවීම පිණිස නැවතත් සිකුරාදා දිනයේදී නැගෙනහිර කළාපීය ජංගම සේවය පැවැත්වීමට තිරණ කළ බවද තානාපති කාර්යාලයයේ බලධරයෝ පවසති.
සැප්තැම්බර් 6 වැනි දින සිකුරාදා උදෑසන 8 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් දමාම් අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.
පොදු සමා කාලය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පැවසුයේ නොවැම්බර් මස තුන් වැනිදා පොදු සමා කාලය අවසන් වන බැවින් තව දුරටත් නීතී විරෝධිව නැගෙනහිර කළාපයේ හෝ සෞදි අරාබියේ රැදී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් නොවැම්බර් මස 3 වැනි දිනට අවම වශයෙන් මාසයකට පෙර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාල ඇතුළු ජංගම සේවාවන් වෙත පැමිණී ලියා පදිංචි වී නීත්‍යානුකූලව මව් රටට යාමට අවස්ථාව උදා කර ගන්නා ලෙසයි.
නොවැම්බර් 03 වැනි දිනට පසු නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින අනවසරිකයින් සඳහා සෞදි රජය විසින් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර එමගින් ඇති වන දුෂ්කරතාවන් පිළිබඳව කටයුතු කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුව නීතිමය ප්‍රතිපාදන නොමැති බවද දන්වා සිටී.
විවිධ ප්‍රශ්න හා දුෂ්කරතාවනට පත්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ රැකවරණ පතා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තව දුරටත් සොයා බලා නීතීමය පියවර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුබට නොවන බවද ඔහු පවසයි.
වැඩිදුරටත් කරුණු දැක්වු අනුර මුතුමාල මහතා පැවසුයේ පොදු සමා කාලයට සමගාමීව ජංගම සේවාව වෙත පැමිණෙන අවතැන් වු ශ්‍රී ලාංකිකයින් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායා රූප දෙකක් සමඟ ගමන් බලපත්‍රයේ පිටපතක් සමඟ ගුවන් බලපත්‍රයේ පිටපතක් හා වීසා පිටුවේ පිටපතක් රැගෙන එන ලෙස දන්වා සිටී.

