ගලේවෙල බුලනවැව බොරළු කන්දේ එච් .එම් .ජයතිලක 47 මහතා සිය බිරිය ඩී.එම් .රන්මැණිකේ සෞදි අරාබියේ ගෘහ සේවයට යැවුවේ ඇත්තේ ආබාධිත දියණිය සහ පාසල් යන පුතා ජිවත් කරවීමට මෙන්ම ප්‍රතිකාර සදහා මුදල් නොමැති කම නිසාය .
2009 වසරේ රට ගිය ඇය තවමත් ලංකාවට පැමිණ හෝ මුදල් නැතැයි ඔහු කියයි.ඇය දැන් ගෙදරට කතා නොකරන බව කී බවද ඔහු පවසයි.
එදා සිටම දියණිය චාපා ජයතිලක (21) ත් පුතා දිනේෂ් ජයතිලක (14) හදා ගැනීම පැවරිණි .කුලී වැඩ කරන ජයතිලක දියණියගේ සියලු වැඩ කරනුයේ මවක මෙන්ය .14 හැවිරිදි දිනේෂ් පාන්දර අවදි වී ආහාර පිස අක්කාටද කන්න දී පාසල් යයි .දිනේෂ් ට කුස්සියේ සියලු වැඩ කරන්නට හැකියාව ඇත .
ජයතිලක මහතා සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් මහත් වූ වෙහෙසක් දරයි .දියණිය නැවීම රෙදි සේදීම කොණ්ඩය පීරා පිරිසිදු කිරීම ආදී වැඩ කරද්දී ඔහුට කුලියක් කරන්නටද වෙලාවක් නොමැති තරම්ය .
දරුවන් දෙදෙනාම සිය මවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට කිසිවක් අවශ්‍ය නැති බවයි. අම්මා පමණක් අවශ්‍ය බවයි .දිනේෂ් උදේ සවස බුදුන් වැඳ අම්මා ගෙදර එන්නයි ප්‍රර්ථනා කරයි .
මේ අසරණ පවුලට කිසිදු ආදායමක් නැත .ඔවුන්ට ජිවත් වීම සදහා කගේ හෝ උපකාරයක් අවශ්‍ය වී ඇත . 0779 56 91 11 අංකයෙන් ජයතිලක මහතා ඇමතිය හැක .ගලේවෙල ලංකා බැංකුවේ ගිණුම් අංක 5774369 ට ආධාරයක් කළ හැකිය .
Swift code – BCEYLKLX , Branch Code -432

