සෞදි කුමාරයා හදිසියේම ශ්‍රී ලංකාවට එයි


(ප්‍රසාද් මුතුකුඩ / තිළිණි ද සිල්වා)

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු අද(4) පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළගාවූ අබ්දුල් අසීස් අල්සෞද් කුමරු ගුවනින් කොළඹ පැමිණ  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
සෞදි කුමරු සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් මධ්‍යහ්න 12.30ට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ.
සෞදි රජ පවුලේ සාමජිකයෙකු වන අල්සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයෙකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.