සෞදි ජංගම සේවා දිනය වෙනස් වේ


සෞදි  අරාබියේ  නැගෙනහිර කලාපයේ  තානාපති ජංගම සේවාව මෙතෙක්  පැවති සැම  මසකම පළමුවැනි  සතියේ සිකුරාදා වෙනුවට මින් ඉදිරියට  පළමු සතියේ සෙනසුරාදා  දිනයේදී පැවැත්වීමට  තීරණය කැර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්තී මහතා කියයි. මිට පෙර  සෞදි අරාබියේ සතියේ රජයේ නිවාඩු  දිනයක් ලෙසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා  දින යොදාගත්තද  2013 ජූලි මස සිට  සතියේ නිවාඩු දිනයක් ලෙසින්  සිකුරාදා හා සෙනසුරාදා   දිනයන් ප්‍රකාශයට පත් කැර ඇති බැවින් මෙම වෙනස තානාපති කාර්යාලය මගින්ද සිදු කැර ඇති බව  වාර්ථා වේ.

කෙසේ වුවද තානාපති කාර්යාලය පවසන්නේ 2013 අගොස්තු  මස පළමුවැනි සතියේ  සෙනසුරාදා  දින   දමාම්  අල් ඇස්ටුන්  රෝහල අසල  යෝජිත ශ්‍රී ලංකා  ජාත්‍යන්තර  පාසල් පරිශ්‍රයේදී  නැගෙනහිර පළාත් ජංගම සේවය  පවත්වන  බව ද  තානාපතිවරයා පැවැසීය.