සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා
කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹා ඇතැයි මල්වතුහිරිපිටිය පොලීසිය කියයි.
ඇය මේ ගැන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට ද පැමිණිලි කැර ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනය බිඳ වැටී ඇති බවට මෙය තවත් එක් උදාහරණයක් බවයි.

