සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට


ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම්  කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාගම් දෙකට එරෙහිව ගොනුකර ඇති තවත් අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා හදිසියේම ලැයිස්තු ගත කර තිබේ. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්කාඞ් සමාගමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ මුලික විරෝධතාවක් පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම මීට ඉහතදී අධිකරණය විසින් කල්තබා තිබිණි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයේ මුල් චෝදනාව වනුයේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කීපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී එම නඩුවල විෂය වස්තුවක් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනයකට අයත් නාරාහේන්පිට ”ටි‍්‍රලියම්” නිවෙසක්  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම යන්නයි.